ඕස්ට්‍රේලියානු සංචාරයේ දී පෞද්ගලික ආරක්ෂකයන් ට හුළං 
Sun, Jul 17, 2011 at 8:47 AM

එළැඹෙන ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ දී පෞද්ගලික ආරක්ෂක අංශය ඉවත් කර එම ආරක්ෂක වගකීම ජාතික සිවිල් ආරක්ෂක බලකායට පැවරීම කෙරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් හී අවධානය යොමු වී තිබෙන බව සුපිරි ක්‍රීඩා වෙත වාර්තා වේ. පෞද්ගලික අංශය යෙදවීමට ඇති අපහසුතාවය මූල්‍යමය අපහසුතාවය බව ක්‍රිකට් පරිපාලනය පෞද්ගලික ආරක්ෂක අංශ ආරක්ෂාවෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් කරුණු දක්වමින් ප්‍රකාශ කළ ද පසුගිය කාලයේ පෞද්ගලික ආරක්ෂක අංශ වෙනුවෙන් වැය කළ අති විශාල මුදල පිළිබදව ජනමාධ්‍ය මගින් කරන ලද විවේචන ද එම ඉවත් කිරීමට හේතු වී තිබෙන බව සුපිරි ක්‍රීඩා වෙත දැන ගන්නට ඇත.
එසේම පෞද්ගලික අංශය විශාල වශයෙන් සේවයට යොදා ගත් ලෝක කුසලාන තරගාවලියේ දීද රජයේ ආරක්ෂක අංශ වලට සම්බන්ධ හමුදාවල නිලධාරීන් මෙන්ම ශ්‍රී ලංකා පොලිසීය ද විශාල නිලධාරීන් ගණනක් යොදවමින් ආරක්ෂාව තහවුරු කළේය.ඒ තත්ත්වය පෞද්ගලික ආරක්ෂක අංශය යෙද වූ සෑම අවස්ථාවකම සුලභ කරුණක් වූ අතර ඒ නිසා බොහෝ විට පෞද්ගලික ආරක්ෂක මගින් ආරක්ෂාව ශක්තිමත් කිරීම වෙනුවට පසුගිය කාලයේ ශ්‍රී ලංකා ක්‍රිකට් මගින් පෞද්ගලික ආරක්ෂක අංශ වල ආර්ථිකය ශක්තිමත් කිරීමක් සිදු කරන බවක් පෙනෙන්නට තිබිණ.
Sun, Jul 17, 2011 at 8:47 AM
No comments:
Post a Comment